Need for Speed: Undercover

{ Posted on 10:40 AM by DragonD }



රේසින් ගේම් ගහනවනම් මෙන්න ගේම්. පිස්සු හැදිල අයෙ හැදෙනවා. මාර වැඩ කෑලි ටිකක් තියෙන්නෙ. NFS Pro Street කැලෙ. මෙකෙ හොඳම අන්ගය තමා විඩියෝ ටික. මම නම් හිතන්නෙ ඒව ඇත්ත මිනිස්සු දාල හදපුව කියල. මාව විශ්වාස නැත්නම් Youtube එකෙ හොයල බලන්න. පිස්සු හැදෙන කාර් ටිකකුත් තියෙනවා. Bugarti Veryon එකෙ නැගල N2O දාගෙන 400 Kmph පන්නල යනකොට තියෙන ජොලිය වෙන මොන කාර් රේස් එකකින් වත් ගන්න බෑ.
පරන NFS ගේම්ස් වලට වඩා මේකෙ ගොඩක් අන්ග එකතු වෙලා තියෙනවා , වාහනත් ගොඩක් තියෙනවා , ඒ වගේම ජී.ටී.ඒ. ගේම්ස් වල වගෙ ෆ්‍රී රෝලින් ( තමන්ට ඕනි වෙලාවට මිශ්න් යන්නත් , නැත්නම් පාරෙ රව්මක් ගගහ ඉන්නත් පුලුවන්...) ක්‍රමෙ නිසා තවත් හොඳයි.. ඒතකොට පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් ශෝට් කට් හෙම බලාගෙන එන්න පුලුවන්.....



ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
6 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 6800 GT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.needforspeed.com/
වර්ගය - Sports / Racing



පින්තූර


Tom Clancy's Splinter Cell: Pandora Tomorrow

{ Posted on 10:28 AM by DragonD }


ඔන්න මේක හොඳයි රහස් පරීක්ශක ගේම්ස් ගහන්න ඉන්න අයට , හොරෙන් ගිහින් කෙලින්න හෙම කැමති නම් මේක එල. හැබැයි ඉතින් බොරු කියන්න ඕනි නෑ මට නම් එක මිශන් එකක් යන්නත් කලින් මේක එපා උනා. මහා කම්මැලි පාටයි. වැටවල් අස්සෙන් රින්ගන්නයි , ගෙවල් අස්සෙ බඩ ගාන්නයි.... මට ඇල්ලුවෙම නෑ.ඕන්න ඉතින් කාලෙ යවාගන්න විධිහක් ඇත්තෙම නැත්නම් මේක මරු.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 4 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.splintercell.com
වර්ගය - Action / Adventure, Shooting

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://thepiratebay.org/torrent/3694453/%5BPC%5D_Splinter_Cell__Pandora_Tomorrow_%5BRIP%5D_%5Bdopeman%5D

Second Life

{ Posted on 10:09 AM by DragonD }


මේන්න මේක මහ අමුතු ගේම් එකක්. අපිට මේක සෙල්ලම් කරන්න තියෙන්නෙ ඔන්ලයින්. මේකෙ නම වගෙ ම තමා ගේම් එකත්. මේකෙ තියෙන වැඩ ගැන ඩිස්කවරි චැනල් එකෙත් ගියා. අපිට සයිබර් අවකාශයෙ ටව ජීවිතයක් ගත කරන්න පුලුවන් ගේම් එකක් තමා මේක. සල්ලි හම්බ කරන්න , චැට් කරන්න , කෙටියෙන් කිව්වොත් GTA 4 එකට වඩා පිස්සු හැදෙනවා. මේ ගන Review එකක් වත් ලියන්න මට තෙරෙන්නෙ නෑ. ඔය ගොල්ලො මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න. පිස්සු හැදෙය්.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
nVidia GeForce 2 වීඩියෝ කාඩ් එකක්
512 kbps

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Linden Labs
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.secondlife.com/
වර්ගය - MMORPG

ගේම් එක ගන්නවා නම් මෙන්න

http://www.secondlife.com/

GTA IV

{ Posted on 9:38 AM by DragonD }


GTA IV කියන්නෙ Grand Theft Auto කියන එකට.කියන්නෙ 2008 වසරේ හොඳම පරිඝනක කීඩාව. ඉතින් වෙන මොන කතාද ? ඔන්නෙ මේකයි - එකෙ කතාව ඉතා කෙටියෙන්. අපෙ කතා නායකය නිව් යෝර්ක් නගරයට එනව එයාගෙ පරණ පලියක් ගන්න. මේ අතරෙ එයාට ගොඩක් දේවල් වලට මූන පාන්න වෙනවා.නිව් යෝර්ක් නගරෙ නම ගිය අපරාධ කාරයෙක්ගෙ ජීවිත කතාව තමා මේක.

මේ ගේම් එක එක පාරක් ගැහුවොට් පිස්සු හැදෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔයාට පුලුවන් පාරෙ යන වාහනයක් නවත්වලා , වටෙ ඉන්න අයට වෙඩි තියල , බාර් එකට ගිහින් බීල , ෆිල්ම් එකකුත් බලලා , ගෙදර ගිහින් චිත්‍රපටියකුත් බලලා , ඊමේල් චෙක් කරල , මස්සිනත් එක්ක ගිහින් බිල්ඩිමකට බොම්බයක් දාල එන්න. ඒ කියන්නෙ මෙකෙ කරන්න බැරි දෙයක් නෑ. ගහලම බලන්න.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Core 2 Duo ප්‍රොසෙසර් එකක්
2 ගිගා බයිට් රැම් එකක්
16 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 7900 256 මෙගා බයිට් / ATI Radeon X1900 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -Rockstar
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.rockstargames.com
වර්ගය - Action


ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/56697365/gta+iv?tab=summary